English English සිංහල සිංහල தமிழ் தமிழ்

එළවළු මිල අඩුයි – අනෙකුත් භාණ්ඩ මිල වැඩියි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි.

Facebook
Twitter
LinkedIn

 

රජය විසින් භාණ්ඩ මිල අඩුවූ බවට ප‍්‍රකාශ කළද වෙළදපොළේ එළවළු හැරෙන්නට වෙනත් කිසිදු භාණ්ඩයක මිල තවමත් අඩුවී නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

 

මේ අතර වැඩිමිලට භාණ්ඩ අලෙවිකරන පුද්ගලයින් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීම් ක‍්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව අද කොළඹ සුපිරි වෙළඳසැල් 05 ක් ඇතුළු තවත් වෙළඳසැල් 15 කට නීතිමය පියවර ගැනුණා.

 

මීට අමතරව දිවයින පුරා සිදු කළ වැටලීම් වලීන් ව්‍යාපාරිකයින් 1,500කට ආසන්න ප‍්‍රමාණයකට නීතිමය පියවර ගැනීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

 

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දින 05 ක පමණ කාලයක්. එබැවින් ජනතාව සිය අවශ්‍යතාවයන් ඉෂ්ඨකර ගැනීම සඳහා නගරය වෙත වැඩි වශයෙන් පැමිණෙන අතර ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සළසා දීම සඳහා රජය මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

 

ඒ අනුවයි පාරිභෝගික ජනතාව රවටා වැඩිමිලට භාණ්ඩ අලෙවිකරන පුද්ගලයින් සොයා වැටලීම් ක‍්‍රියාත්මක කර ඇත්තේ. එසේම නිසි පරිදි පාරිභෝගික් නීති ආරක්ෂා නොකර වෙළඳසැල් අද පරික්ෂා කෙරුණා.

 

එමෙන්ම උත්සව කාල සීමාවත් සමඟ වෙළඳපළේ ප‍්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක‍්‍රියාත්මක විශේෂිත දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ඒ පාරිභෝගික ජනතාව මුලාවට පත්කරමින් ප‍්‍රමිතියෙන් තොර තරාදි වැනි කිරුම් මිනුම් උපකරණ භාවිතකරන බවට ලද පැමිණිලි අනුවයි.

ඒ අනුව 011 218 22 53 යන අංකයට අමතා එම උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි මිනුම් ඒකක ප‍්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000