 
                            
උත්සව සමය එළැඹීමත් සමඟ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.
ගෙවුණු දින පහක කාලය තුළදී පමණක් එවැනි අනතුරුවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ. එමෙන්ම ගෙවුණු දින 05 දී රිය අනතුරු 270 ක් සිදුව තිබෙනවා.
මේ අතර පසුගිය කාල සීමාව තුළදී පාසල් යන වයසේ පසුවන ළමයින් රිය පැදවීම හේතුවෙන් සිදුවූ අනතුරුවලද ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                