English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයට.

Facebook
Twitter
LinkedIn

 

ශ‍්‍රී ලංකාවේ රිළවුන් විදේශ රටකට ලබාදීමේදී පවතින නීතිමය තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රකාශ කළා.

 

මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයන් පිරිසකගෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලද ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

 

එම ඉල්ලීමට අනුව මෙරට රිළවුන් ලක්ෂයක් පමණ පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක්ද කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා.

 

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මෙන්ම ජාතික සත්වෝද්‍යාන සහ වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියා.

 

ඒ අනුව ඊට අදාළ නීතිමය තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් සකස් කිරීමට නියමිතයි. මෙරට රිළවුන් ගහණය ලක්ෂ 30 කට ආසන්න බව හෙළිදරව් වී ඇති අතර, වගා හානි සිදුකරන සතුන් අතර ප‍්‍රමුඛයා වන්නේද රිළවායි.

 

රිළා ගහණය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලූ උත්සහයන් ව්‍යර්ථ වී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා. රිළවුන්ගෙන් සිදුවන වැඩිම වගා හානිය වාර්තාවන්නේ වයඹ පළාතෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000