English English සිංහල සිංහල தமிழ் தமிழ்

අලුත් අවුරුද්ද සමාජ සංවර්ධනයට පිටිවහලක් ය

Facebook
Twitter
LinkedIn

අලුත් අවුරුද්ද යනු ලොකු කුඩා සැමට නව ජීවයක් පිරී හැඟීම් දනවන කාලවකවානුවකි. හිරු මුල් කරගනිමින් අලුත් අවුරුද්ද උදාවන අතර හිරුට ජීවයක් එක් කරමින් ගරු බුහුමන් දක්වාලමින්, හිරු වන්දනාමානයට ලක් කරමින් අරඹන අලුත් අවුරුද්ද සිරිත් විරිත් පෙරටු කර ගනිමින් සමාජ සංවර්ධනයක් උදෙසා උපකාරී වන්නකි.
නොනගතය කාලසීමාව තුළ පුණ්‍ය කාලය තුළ අධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධත්වයට අවශ්‍ය ක්‍රියාකාරකම් වල නිරත වෙමින් ආගමානූකූලව කටයුතු කිරීමට උත්සුක වන අතර අලුත් අවුරුද්ද අලුත් ජිවිතයකට අවශ්‍ය චිත්ත ශක්තිය ලබා ගැනීමට කටයුතු කරනු ලබයි.
නොනගතය කාලසීමාව තුළ ආහාර ගැනීමෙන් වැළකී සිටීම සිදු කරන අතර එය නොතකා සිදු කරයි නම් අකැප ය. ළමා ළපටියාගේ සිට වයසින් මුහුකුරා ගිය පුද්ගලයා ද මෙකී පිළිවෙත ඉටු කරයි.මක් නිසාද යත් කුසගින්න තමාට දැනෙන ලෙසට අනෙකාට ද දැනෙන බවට මෙන්ම ආහාර සතු වූ වටිනාකම පසක් කර දෙන්නක් ය.
නොනගතය ලැබීමට පෙරාතුව නිවසේ සියලු වැඩ රාජකාරී අවසන් කිරීමට යුහුසුළුව කටයුතු කිරීමටත් නොනගතය උදා වීමෙන් ඉක්බිති ලිප ගිනි මෙළවීම සිදු කරන්නේ නැත. මුලු වර්ෂයක් පුරාවට නොනවත්වා සේවයේ යෙදෙන ලිපට; ගින්දර සඳහා විරාමයක් එක් කිරීමට මෙන්ම ඒ සඳහා ඇප කැප වෙන ගෘහණියන්ගේ දෑතට ද විරාමයක් එක් කරලනු ලබන්නේ ය.
අලුත් අවුරුද්ද වනාහි වැඩිහිටියන් මුල් කොට ගනිමින් ඔවුන්ගේ ගුරු හරුකම් මත ඔවුන්ව අනුගමනය කරමින් ගරුත්වය පෙරටු කර ගත් සුහදත්වය සමාජගත කරන්නක් ය.
විව්ධ හරබර සිරිත් හේතුවෙන් සමාජීය වශයෙන් සමාජය තුළ ඇති වන්නා වූ විශාල පිබිදීම රටේ සමාජ ප්‍රගමනයට මනා පිටුවහලක් වන අතර අනාගත පරපුර ද එකී මාවතේ ගෙන යාමට ඉඩ හසර වෙන් වන්නේ ය.
අලුත් අවුරුද්දේ දී අප සතුව පවතින ඉපැරණි වටිනාකම් රැසක්; සමාජ හර පද්ධතීන් රැසක් මත අපේ උරුමයන් හා වටිනාකම් පාරම්පරිකව වත්මන් පරපුට වෙතට දායාද කිරීමක් ය.
අලුත් අවුරුද්දේ සියලු සිරිත් පවුලේ සියලු දෙනා එකට එක්ව ඉටු කරලමින් එකිනෙකාගේ සුහදත්වය සහයෝගීත්වය වර්ධනය කරගැනීමට මෙන්ම ජන ක්‍රීඩාවට, අපේකමට මුල් තැන දීම මත යටපත් වන අපේ යැයි කියවෙන උරුමය නැවත පණ ගැන්වෙන, මතු වන වටිනාකම් රැසක් ඇගයීමට ලක්වන අලුත් අවුරුද්ද සතු උදාරතර කර්තව්‍යය මත එය සමාජ සංවර්ධනයට මනා පිටිවහලක් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000