English English සිංහල සිංහල தமிழ் தமிழ்

ළමයා හා රූපවාහිනිය

Facebook
Twitter
LinkedIn

සන්නිවේදනයේ වූ දියුණුවත් සමඟ මිනිසාට සමීප වූ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වශයෙන් සැලකෙන රූපවාහිනිය නවීන මෙවලමක් මෙන්ම ඉතා ප්‍රබල කාර්‍යභාරයක් ඉටුකරලන ජනමාධ්‍යයක් වශයෙන් සැලකිය හැකිය.
රූපවාහිනිය විෂයෙහි ලා ඊටම ආවේණික වූ ස්වාභාවය මත ලොකු කුඩා භේදයකින් තොරව රූපවාහිනිය කෙරෙහි ආකර්ෂණීයත්වයක් දක්වාලයි . සිත් ඇඳ බැද තබාගැනීමට උපත් හපන්කම් ඇති රූපවාහිනිය සමඟ ඉතා සමීප සබඳතාවයක් ‘ළමයා’ මුල් කරගෙන හටගන්නේ නිරායාසයෙනි.
කුතුහලය , විනෝදය මත ආකර්ෂණීයත්වයට ප්‍රියතාවයක් දක්වන ළමයා විශේෂයෙන් වර්තමානයේ ආර්ථික ක්‍රමයේ වූ වැඩි තරඟකාරීත්වය හේතුවෙන් හුදකලාව බවට පත්ව ඇති අතර ඒ හරහා රූපවාහිනිය ළමයා ගේ මිතුරා බවට පත්ව ඇත.
රූපවාහිනිය යනු මාධ්‍ය කර්මාන්ත තුල ලාභය අරමුණු කරගත් වාණිජ ස්වරූපයෙන් යුක්ත වන්නකි.
ඒ බැවින් රූපවාහිනිය විකාශනය වන බහුතර වූ වැඩසටහන් වාණිජ විකාශනය කිරීමටත් ඊට අදාළ ‘Ratings’ ලබා ගනිමින් තම රූපවාහිනි නාලිකාව පවත්වාගැනීමට අදාළ වන දැන්වීම් ප්‍රමාණාත්මකව වැඩි කර ගැනීම ඉන් අපේක්ෂිත ය.
ළමයා විෂයෙහි ඇතැම් රූපවාහිනි වැඩසටහන් ධනාත්මක ස්වරූපයෙන් දක්නට ලැබුණ ද බහුතරයක් වූ රූපවාහිනි වැඩසටහන් තුළ ළමයා විෂයෙහි ඍණාත්මක තත්ත්වයක් ඇති කරවනු ලබයි. මන්ද ළමයා අනුකරණශිලී ය. ඒ ඒ කුතුහලය මත අනුගාමීත්වයක් පෙන්නුම් කරමින් තම හැසිරීම්, ආකල්ප හැඩගසා ගනී.
වීර, යථාර්ථවාදී නොවන කාටූන් චරිත මෙන්ම ළමයා අරමුණු කරගත් සවස් කාලය, නිවාඩු සමයන් අරභයා රූපවාහිනි නැරඹීමට දැඩි රුචිකත්වයක් දක්වන ළමයා විවිධාකාර රූප රාමු මත මුලාවක් තුළ අතරමං වේ.
සාම්ප්‍රදායික වූ ඒ ඒ රූපවාහිනි නාලිකාව සතු සංස්කෘතිය වෙනසකට යොමු කරමින් කාලීන මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණයේ අවශ්‍යතාවය ද වර්තමානයේ දක්නට ලැබේ.
රටක සංවර්ධනය මෙන්ම අනාගතයේ රටේ ස්වරූපය කෙබඳු ද යන්න තීරණය වන තීරණාත්මක සාධකයක් බවට පත් වන්නේ ‘ළමයා’ ය. එබැවින් ළමා පරපුරේ සංවර්ධනය උදෙසා මෙන්ම මනා වූ පෞරුෂත්වයකින් යුත් ළමයා ඉන් ඉක්බිති පුරවැසියෙකු බවට පරිවර්තනය කරවීමේ සංකීර්ණ ක්‍රියාවලිය තුළ අතිශය ප්‍රබල ජනමාධ්‍යයක් වශයෙන් රූපවාහිනිය සතු අතිමහත් වගකීම් සමුදායක් දක්නට ඇත්තේ ය. එය විද්‍යුත් ගුරුවරයෙක් ය.
රසඥතාවය ඉහළ නංවාලමින් හරවත් වූ ළමා පරපුරක් උදෙසා නිර්මාණශීලිත්වයෙන් යුත් විචක්ෂණශීලි රූපවාහිනි වැඩසටහන් මත ළමා විඥානයට ආමන්ත්‍රණය කිරීමටත් අනාගතයේ පරිපූර්ණ මිනිසෙකු සඳහා අවශ්‍ය කායික, මානසික සංවර්ධනය උදෙසා තම වගකීම් ඉටු කරලීමට රූපවාහිනි නාලිකා සතු වූ වගකීම මෙන්ම කාර්‍යබහුලත්වය මත වුවද දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ගුණාත්මක වූ රූපවාහිනි වැඩසටහන් තෝරා බේරා දෙමින් ඒ සඳහා ඔවුන්ට ආරක්ෂාකාරී, ගුණාත්මක වටපිටාවක් නිර්මාණය කර දෙමින් රූපවාහිනිය වෙත ධනාත්මකව යම් සීමාවක් යටතේ සමීප කරවීම වඩා යහපත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000