/
/
title icon සරසවි ඇදුරන් දේශන අරඹයි – උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම බෑ කියයි.
සරසවි ඇදුරන් දේශන අරඹයි – උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම බෑ කියයි.
Editor
1 year ago
Share:
සරසවි ඇදුරන් දේශන අරඹයි – උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම බෑ කියයි.

තාවකාලිකව වර්ජනය අවසන් කළද උසස් පෙළ පිලිතුරු පත‍්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණය කල් දැමූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලූවක් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සදහන් කළේ සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගත් බවයි.

කෙසේ වෙතත් දේශනවලට පමණක් සහභාගි වන බවයි එම සංගමයේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

රජයේ බදු ප‍්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පසුගියදා ආරම්භ කරනු ලැබුවා.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ උසස් පෙළ පිලිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙසයි. එසේම, පසුගිය මාස එකහමාරක තුළ සාකච්ජා වට කිහිපයක් පවත්වා ආචාර්යවරුන්ට විසදුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුව ද අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ විභාග පිළිතුරුපත‍්‍ර ඇගයීමේ කාර්ය මෙතෙක් ආරම්භ කිරීමට නොහැකිවීම හේතුවෙන් අධ්‍යාපන ක්‍රියාවලියම අසමතුලිත තත්ත්වයකට පත්ව ඇති බවයි.

එබැවින්, දැනට ප‍්‍රමාද වී ඇති ඇගයීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ලැබෙන්නේ නම් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමේ හැකියාව පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required