
ඉන්දියාව, ප‍්‍රංශය සහ ජපාන මුදල් අමාත්‍යවරුන් සහ ශ‍්‍රී ලංකා නියෝජිතයින් විසින් කමිටුවක් පිහිටුවීමෙන් පසු ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පැරිස් සමාජය පසුගියදා ප‍්‍රකාශ කර තිබුණා.
එමෙන්ම සාධාරණ බෙදාගැනීම, විනිවිදභාවය සහ ප‍්‍රතිකාර සංසන්ධනාත්මක බව සහතික කිරීම සඳහා අදාළ සියලූ පාර්ශවයන් සමඟ කටයුතු කිරීමටයි පැරිස් සමාජය අදහස් කරන්නේ.
මේ අතර ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් ඩොලර් බිලියන 12 කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සිය පළමු ප‍්‍රතිසංවිධාන යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.