/
/
title icon වැඩට එන්න, පාසල් යන්න හෙට සිට ප්‍රවාහන සේවා.
වැඩට එන්න, පාසල් යන්න හෙට සිට ප්‍රවාහන සේවා.
Editor
1 year ago
Share:
වැඩට එන්න, පාසල් යන්න හෙට සිට ප්‍රවාහන සේවා.

 

සඳුදා දිනයේ සිට කාර්යාල සහ පාසල් වෙත පැමිණීමට අවශ්‍ය ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස කියා සිටියේ උත්සව සමය වෙනුවෙන් ධාවනයට යොදා තිබූ විශේෂිත බස් රථ සේවාව ද 17 වනදා තෙක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ අද දිනයේ සියයට 50 ක පමණ බස් රථ ප‍්‍රමාණයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එසේම, හෙට සිට පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක්කරන බව ඔහු කියා සිටියා.

මේ අතර, ඊයේ දිනයේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 210 න් ප‍්‍රාදේශීය ගමන්වාර 34 ක් පමණ අවලංගු කිරීමට කටයුතු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්.පොල්වත්තගේ ප‍්‍රකාශ කළා. ප‍්‍රමාණවත් පරිදි මගීන් නොසිටීම ඊට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් සදුදා සිට සාමාන්‍ය පරිදි දුම්රිය ගමන්වාර ධාවනය කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required