English English සිංහල සිංහල தமிழ் தமிழ்

හිසතෙල් ගෑමේ චාරිත්‍රය පුදබිම් මුල් කරගෙන සිදු කෙරේ.

Facebook
Twitter
LinkedIn

 

 

උදාවූ අලූත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත‍්‍රය අද පූර්ව භාග 9.41 ට යෙදී තිබුණා.

 

ඒ අනුව රතු සහ කහ මිශ‍්‍ර තඹ වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ‍්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම යහපත් බවයි නැකැත් චාරිත‍්‍රවල දැක්වුණේ.

 

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බියගම – හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාාරස්ථානයේදී අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

මේ අතර හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාළිගා පරිශ‍්‍රයේ නාථ දේවාල භූමියේදී සිදු කෙරුණේ මල්වතු අස්ගිරි පාර්ශවයේ මහනාහිමිවරුන් ඇතුලූ මහා සංඝ රත්නයේ ප‍්‍රධානත්වයෙන්.

 

එමෙන්ම අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා.

 

කොළඹ ගංඟරාමය සහ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේද හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය සිදු කෙරුණා.

 

පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන්ගේ හිස තෙල් ගෑමද අද සිදු කෙරුණා. ඒ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් හේමකාන්තගේ ප‍්‍රධානත්වයෙන්.

 

මේ අතර, අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම හෙට පූර්ව භාග 6.28 ට යෙදී තිබෙනවා. සුදු පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ‍්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත‍්‍රවල සඳහන් වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000