English English සිංහල සිංහල தமிழ் தமிழ்

අධිවේගයට හොඳ කලක් – පැය 24 න් මිලියන 35 ක්.

Facebook
Twitter
LinkedIn

 

අධිවේගී මාර්ගවල ඊයේ දිනයේදී පමණක් ආදායම රුපියල් මිලියන 35 ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්. වීරකෝන් ප‍්‍රකාශ කළේ වාහන එක්ලක්ෂ 26,760 ක් ඊයේ අධිවේගී මාර්ග භාවිත කර ඇති බවයි.

 

මේ අතර, අලූත් අවුරුද්ද සඳහා ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක‍්‍රියාත්මක කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

 

මේ අතර අද දිනයේදීත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි වාහන තදබදයක් පැවති බව වාර්තා වුණා. ඒ සමඟ පින්නදූව පිවිසුමේ පිටවීමේ කවුළුව අසළ දිගු පෝලිම් පවතින බවටයි වාර්තා වන්නේ.

 

හෙට දිනයේ යළිත් සිය සේවාස්ථාන කරා පැමිණෙන ජනතාව හට අවශ්‍ය පරිදි බස් රථ යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් ප‍්‍රකාශ කළේ.

 

එමෙන්ම පෞද්ගලික බස් රථද අවශ්‍ය පරිදි යොදවා ඇති බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000