
චීනයට රිළවුන් ලබාදිය හැක්කේ ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
චීනයට රිලවු අපනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්වන මාතෘකාවක් වී අවසන්.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළකරන අතර පරිසරවේදින් සහ පරිසර සංවිධාන චීනයට රිලවුන් අපනයනය කිරීම පිළිබඳ විවේචනාත්මකව අදහස් පළ කරනවා.
මේ අතර රිලවුන් හේතුවෙන් තම දෛනික කටයුතුවලට මෙන්ම වගාවන්ටද බලපෑම් එල්ල වී ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.