English English සිංහල සිංහල தமிழ் தமிழ்

හිටපු නීතිපති දප්පුල TID යට කැඳවයි.

Facebook
Twitter
LinkedIn

 

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා. පාස්කු ප‍්‍රහාරය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇති බව පෙනී යන්නේ යැයි කර තිබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයට අදාළව හෙට දිනයේදී හිටපු නීතිපතිවරයා මෙලෙස කැඳවා ඇති බවයි පොලිසිය පැවසුවේ.

 

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වූ බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබුණේ 2021 වසරේදියි.

 

පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි මාසයේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබුවා. එහි පිටපතක් එවක නීතිපති දප්පුල ද ලිවේරා වෙතද ලබාදීමටයි පියවර ගැනුනේ.

 

එවැනි පසුබිමක දප්පුල ද ලිවේරා 2021 වසරේදී නීතිපති ධුරයෙන් විශ‍්‍රාම ගත්තා. සිය ධුරයෙන් විශ‍්‍රාම යෑමෙන් අනතුරුව, පාස්කු ප‍්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වූ බවටත්, ඒ සම්බන්ධ සියලූදෙනා සාක්ෂි හරහා අනාවරණ කළ යුතු බවටත් ඔහු විශේෂ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කර තිබුණා.

 

කුමන්ත‍්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක සිටින බවත්, සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළද, ඔහුත් මෙම කුමන්ත‍්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා එහිදී පවසා තිබුණා.

 

අදාළ ප‍්‍රකාශය පිළිබඳව හිටපු නීතිපතිවරයාගෙන් ප‍්‍රශ්න කළ යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්දද මීට පෙර ප්‍රකාශ කළා.

 

පාස්කු ප‍්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙන්නේ එවන් පසුබිමකයි.

 

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කළේ නීතිපතිවරයා වෙත කළ දැනුම්දීමකට අනුව හිටපු නීතිපතිවරයාගෙන් අදාළ ප‍්‍රකාශය ලබාගැනීමට සැළසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000