
අවාරේ සිරිපා ගමන් සීමා කිරීමට අවධානය යොමුවී ඇති බව ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර, එම සාකච්ඡාවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රත්නපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
එහිදී ශ්රීපාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ මීට පෙර අවාරයේ සිරිපා කරුණා කළ ඇතැමුන්ගේ ක්‍රියා හේතුවෙන් එම තීරණය ගැනීමට සිදුව ඇති බවයි.