English English සිංහල සිංහල தமிழ் தமிழ்

නැවෙන් රට පැන්න හතරට ඇප.

Facebook
Twitter
LinkedIn

 

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස විදේශගතවීමට උත්සාහ කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිව්දෙනා ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

 

ඒ ඔවුන් ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

 

එක් අයෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා අදාළ පුද්ගලයින් ඒ සඳහා යොමුකළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා. නඩුව යළිත් වැඩිදුර විභාගය සඳහා ජුලි 20 වනදා කැඳවනු ඇති.

 

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ යාපනයේ පදිංචි තරුණයන් සිව්දෙනෙක්.

 

මොවුන් නිති විරෝධි ලෙස විදේශ ගතවිමේ අරමුණින් කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවකට මාර්තු 24 වනදා හොර රහසේ ඇතුලූවී තිබුණා.

 

එය ඇමරිකාව බලා යාත‍්‍රා කරමින් සිටියදී සූවස් ඇල ආසන්නයේදී නැවේ සේවකයින් විසින් එම පිරිස සේවකයින් නොවන බවට හඳුනා ගැනිමෙන් පසු මාර්තු 26 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

 

පසුව නැව් පිළිබඳව කටයුතු කරන ගැක්ෂිපිං ආතනයට දැනුම් දීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාව දෙසට පැමිණෙන නෞකාවකට ඔවුන් භාරදී තිබුණා.

 

පසුව එම නෞකාවේ දැනුම්දීම මත පසුගිය 10 වනදා ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේදී ආගමන විගමන නිලධාරින් ටග් යාත‍්‍රාවකින් නෞකාව වෙත ගොස් මෙම තරුණයින් භාරගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට භාරදීමටයි කටයුතු කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000