English English සිංහල සිංහල தமிழ் தமிழ்

දකුණු මුහුදේදී හෙරොයින් සමඟ ඇල්ලූ හයදෙනා රඳවාගෙන ප‍්‍රශ්න කෙරේ.

Facebook
Twitter
LinkedIn

 

රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 179 ක් සමඟ දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගෙන ගාලූ වරායට රැගෙන ආ යාත‍්‍රාවේ සිටි සැකකරුවන් හයදෙනා දින හතක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

 

ඒ, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

පසුගිය 15 වනදා දකුණු මුහුදු තීරයේදී මෙම යාත‍්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබුවේ සැකකරුවන් හයදෙනෙකු සමගයි. ඒ, නාවික හමුදාව, පොලිසිය සහ අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.

අදාළ යාත‍්‍රාව පරීක්ෂා කිරීමේදී පාර්සල් විශාල ප‍්‍රමාණයක් අඩංගු පොලිසැක් උර අටක් සහ සැටලයිට් වර්ගයේ දුරකථනයක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබුණා.

ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, නඩු භාණ්ඩ සහ සැකකරුවන් පෙරේදා ගාලූ වරායට රැගෙන එනු ලැබුවා.

 

එහිදී හෙරොයින් කිලෝ 179 යි ග‍්‍රෑම් 654 ක් සොයාගත් අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් නාකුළුගමුව, නෙටොල්පිටිය සහ ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ. ඔවුන් අවුරුදු 32, 34, 35 සහ 41 යන වයස්වල පසුවනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ජාවාරම මෙහෙයවනු ලබන විදේශයක සිටින සැකකරු සහ මෙරට සිටින මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000