English English සිංහල සිංහල தமிழ் தமிழ்

IMF ණය සහනය ගැන තෙදිනක විවාදයක්.

Facebook
Twitter
LinkedIn

 

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ගිවිසුමට අදාළ විවාදය ලබන 26, 27 සහ 28 යන දින තුනෙහි පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

 

ඒ අද පෙරවරුවේ එම කාරක සභාව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

 

පාර්ලිමේන්තුව කටයුතු ලබන 25 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට ද එහිදී එකඟතාව පළවුණා. 25 වනදා අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් කිහිපයක් විවාදයට ගනු ඇති.

 

පසුව 26 වනදා, රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමට අදාළව සැකසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලූම අනුමැතිය මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.

 

එය විවාදයට ගැනීමෙන් අනතුරුව අවශ්‍ය නම් ඡන්ද විමසීමක්ද පැවැත්වෙනු ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000