
පාස්කු ප්රහාරයේ විමර්ශනවලට අදාලව ලබන සදුදා අනිවාර්යයෙන් ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින්නැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී තිබෙනවා.
එසේ නොමැති නම් නීතිමය පියවර ගන්නා බවයි ත්රස්ත විමර්ශන කොට්ඨාසය හිටපු නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ.
අද දිනයේ ඔහු ත්රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ නමුත් ඔහු පැමිණ තිබුණේ නැහැ.
ලිපියක් මගින් හිටපු නීතිපතිවරයා ත්රස්ත විමර්ශන කොට්ඨාසයට දැනුම් දී තිබුණේ වත්මන් නීතිපතිවරයා සහ ශ්රී ලංකා නීතිඥ සංගමය සමඟ සිදුකළ සාකච්ජාවක් හේතුවෙන් අද දිනයේ එහි නොපැමිණි බවයි.
පසුගිය 19 වනදා පළමු වරට හිටපු නීතිපතිවරයාට ප්රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද එදිනද ඔහු එහි පැමිණියේ නැහැ. ඒ වෙනුවෙන් නීතීඥවරයෙකු එහි පැමිණ තිබුණා.