
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද පැවැත් වූ මහ සභා රැස්වීමේදී ගන්නා ලද තීරණ නීතිවිරෝධී බව පවසමින් සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
අද පෙරවරුවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවති මහ සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර ගැනුණා.
එම මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බැවින් එහිදී ගන්නා ලද තීරණ වලංගුභාවයකින් තොර බවයි මහාචාර්ය ජී.එල්. පීරිස් පවසන්නේ.
ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ පාර්ශවයට සහය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට පසුගිය මාර්තු මාසයේ රැස්වූ පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කර තිබුණා.
එම තත්ත්වය හමුවේයි අද පැවති මහ සභා රැස්වීමේදී නව සභාපතිවරයෙකු ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඒකමතිකව පත්කර ගනු ලැබුවේ.