
පවතින වියලි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙම තත්වය තවදුරටත් පැවතියහොත් අඛන්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි එම මණ්ඩලය ප‍්‍රකාශ කළේ.
මේ අතර, පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලූමද ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කළා.
ඊයේ දිනයේදී දෛනික විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 45 දක්වා ඉහළ ගොස් ඇති අතර, රාත‍්‍රී හතට මෙගාවොට් 2,097 ක උපරිම විදුලි උත්පාදනයක් සිදුකළ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධම්මික එන් නවරත්න සඳහන් කළේ.