English English සිංහල සිංහල தமிழ் தமிழ்

ඩෙල්ෆ් ඝාතකයා ජර්මන් පුරවැසිභාවය හිමි හෙරොයින්වලට ඇබ්බැහි වූ අයෙක් – ඝාතනයට යොදාගත් ආයුධයත් සොයා ගැනේ.

Facebook
Twitter
LinkedIn

යාපනය – ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසළ නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය සහ ඝාතකයා හැඳ සිටි සරම ද සොයාගෙන තිබෙනවා.

ඝාතනය සිදුව තිබූ නිවස ආසන්නයේ ළිඳකට දමා තිබියදී ඒවා සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගෙන සිටින සැකකරු කළක සිට හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි බවටයි අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේ කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

51 හැවිරිදි වියේ පසුවන සැකකරු 2019 වසරේ ජර්මනියේ සිට මෙරටට පැමිණ ඇති අතර, ඔහු ජර්මන් පුරවැසිභාවය හිමි අයෙකු බවටද හෙළිව තිබෙනවා. ඔහුගේ බිරිඳද ජර්මන් ජාතික කාන්තාවක් වනවා. 2019 වසරෙන් පසුව මෙරටට පැමිණි ඔහුට නැවත ජර්මනියට යාමට නොහැකි වී තිබෙනවා.

මේ හේතුවෙන් දැඩි ආතතියට පත්ව තිබූ සැකකරු මෙම පිරිස ඝාතනය කර නිවසේ ඇති රත‍්‍රං ලබාගෙන මුදල් කර එමඟින් ජර්මනියට යාමටයි සැළසුම් කර ඇත්තේ.

සැකකරුගේ වෛද්‍ය වාර්තාව හෙට ලැබීමෙන් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම පංච පුද්ගල ඝාතනය සැකකරු තනිවම සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සැකකරු යාපනය – පුංකුඩිතිවු ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පසුගිය 19 වනදා නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති බව පවසමින් ඝාතනය සිදුකළ නිවසට පැමිණ තිබුණා.

මේ අතර මෙලෙස ඝාතනයට ලක්වූ පස්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඊයේ ඥාතින් වෙත භාරදී තිබෙනවා. අනෙකුත් තුන්දෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව භාරදීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම මෙම සිදුවීමත් සමඟ යාපනය – ඩෙල්ෆ් ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ප‍්‍රදේශවාසින් අද ඩෙල්ෆ් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද පවත්වනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000