
හම්බන්තොටට නුදුරින් දකුණු මුහුදේ සිදුවූ සුළු භූ චලනය මහනුවර, මාවනැල්ල සහ බදුල්ල යන ප‍්‍රදේශවලටද දැනුනු බව එම ප‍්‍රදේශවල ජනතාව පවසනවා.
අද අලූයම 12.45 ට පමණ හම්බන්තොට සිට කිලෝමීටර 25.8 ක් ඈතින් දකුණු මුහුදේ සිදුවූ මෙම කම්පනය සටහන්ව තිබුණේ රික්ටර් මාපාංකයේ ඒකක 4.4 ක අගයක් ලෙසයි.
අද පෙරවරුවේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිවේදනය කළේ මෙමඟින් ශ‍්‍රී ලංකාවට කිසිදු අවදානමක් නොමැති බවයි.