English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී ලංකාවේ අලි පාකිස්තානයට.

Facebook
Twitter
LinkedIn

පාකිස්තානයේ කරච්චි සත්වෝද්‍යානයේ සිටි නූර් ජෙහාන් නම් අප‍්‍රිකානු ඇතාගේ මරණයෙන් පසු ශ‍්‍රී ලංකාවේ අලි දෙදෙනෙකු එරටට ලබාදීමට එකඟවූ බව පාකිස්තානයේ නිර්වේතනික කොන්සල් ජනරාල් යසින් ජොයියා තහවුරු කළා. ජියෝ පුවත් සේවයට ඔහු මේ බව ඊයේ සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම අලි ලබාගැනීම සඳහා වන නිල ඉල්ලීමක් ශ‍්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති බවද ඔහු එම පුවත් සේවයට ප‍්‍රකාශ කර තිබෙනවා.

17 හැවිරිදි නූර් ජෙහාන් නම් අප‍්‍රිකානු ඇතා කරච්චි සත්වෝද්‍යානයේදී පසුගියදා අවාසනාවන්ත ලෙස රෝගාතුර වී ඇති අතර, පොකුණකට ඇද වැටී අසාධ්‍ය තත්වයට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දින 9 ක කාලයක් එම හස්තියා ජීවිතයත් සමඟ සටන් කර පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්ව තිබුණා. ජාත්‍යන්තර සත්ව සුබසාධන සංවිධානයක් චෝදනා කර ඇත්තේ කරච්චි සත්වෝද්‍යානයේදී එම හස්තියාට නිසි ප‍්‍රතිකාර සහ රැකවරණය ලැබී නොමැති බවටයි.

එවන් පසුබිමකයි මෙරට අලින් දෙදෙනෙකු කරච්චි සත්වෝද්‍යානයට සහ ලාහෝර් සත්වෝද්‍යානයට ලබාදීම සඳහා රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් එකඟතාව පළ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී එහි ප‍්‍රකාශිකාවක සඳහන් කළේ කඩිනමින් ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබාදෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000