English English සිංහල සිංහල தமிழ் தமிழ்

හිටපු නීතිපති දප්පුල අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනමක්.

Facebook
Twitter
LinkedIn

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප‍්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගෙන් ප‍්‍රශ්න කිරීම, ප‍්‍රකාශ සටහන් කර ගැනීම සහ ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළා.

ඒ, ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විභාගයට ගැනීමට අවසර ලබාදෙමින්.

එමෙන්ම එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටින පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ත‍්‍රස්ත විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, එහි ස්ථානාධිපතිවරයා, ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසකට මැයි මස 10 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසටද නොතීසි නිකුත් කළා.

පෙත්සම්කාර හිටපු නීතිපති දප්පුල ද ලිවේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදාළව සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඉකුත් 19 වනදා පෙනී සිටින ලෙස ත‍්‍රස්ත මර්දන කාර්යාංශය විසින් තම සේවාදායකයාට දැනුම් දුන් බවයි.

ඊට ප‍්‍රතිචාර වශයෙන් පිටු හයක ලිපියක් ත‍්‍රස්ත මර්දන කාර්යාංශය වෙත යොමු කළ සිය සේවා දායකයා, අදාළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් ප‍්‍රශ්නකර ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසියට බලයක් නොමැති බවට පෙන්වා දුන් බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළා.

අනතුරුව අද දින ප‍්‍රකාශයක් දීම සඳහා යළි පැමිණෙන ලෙසත් එසේ නොකළහොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් පොලිසිය විසින් සඳහන් කර තිබූ බවයි ඔහු කියා සිටියේ.

තම සේවා දායකයා අදාළ ප‍්‍රකාශය සිදුකළේ නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, නීතිඥවරයෙකු හෝ නීතිපතිවරයෙකු පළ කරන මතයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පොලීසියට හැකියාවක් නොමැති බව පැවසුවා.

නීතිපතිවරයා වශයෙන් සිය සේවා දායකයා පළකළ එම මතයට මුක්තියක් හිමිවන බවත් එය කිසිදු අවස්ථාවක ප‍්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තමන්ට ලැබුණු තොරතුරු හෙළිදරව් කිරීමට නීතිපතිවරයා වශයෙන් සිය සේවාදායකයාට හැකියාවක් නොමැති බවත් එය නීතිපතිවරයාට හිමි වරප‍්‍රසාදයක් බවයි කියා සිටියේ.

එසේ තිබියදී 2021 වසරේ සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් වසර දෙකකට පසුව හදිසියේ තම සේවාදායකයාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසියට මතක් වීම ගැටළු සහගත බවයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරියක අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඇය කියා සිටියේ මෙම පෙත්සමට අදාළව නිසි උපදෙස් කිසිවක් තමන් වෙත ලැබි නොමැති බවයි. ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලූ කරුණු සළකා බැලීමෙන් පසුවයි අදාළ අතුරු තහනම නිකුත් කරනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000