English English සිංහල සිංහල தமிழ் தமிழ்

දශකයකට පසු ශ්‍රී ලංකාවෙන් මැලේරියා මරණයක්.

Facebook
Twitter
LinkedIn

වසර 14 කට පසු මැලේරියා රෝගි මරණයක් මෙරටින් වාර්තා වී තිබෙනවා. පසුගිය 15 වනදා මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල – චීන කොටුව ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක්.

මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහු ටැන්සානියාවට ගොස් පසුගිය 10 වනදා යළි දිවයිනට පැමිණ තිබෙනවා. පසුගිය 14 වනදා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ඇත්තේ උණ රෝගය උත්සන්න වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, රෝහල් ගත වූ දිනට පසුදින එනම් 15 වනදා එම ව්‍යාපාරිකයා මියගොස් තිබෙනවා.

එහි සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාට මැලේරියාව වැළඳී ඇති බවයි.

දිවයිනට පැමිණ සති දෙකක පමණ කාලයක් නිවසේ සිට ඇති අතර එම තත්ත්වය හමුවේ ඔහුගේ නිවැසියන්ට සහ ප‍්‍රදේශවාසින්ටද රෝගය වැළදී ඇත්ද යන්න සොයාබලන බවයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල සඳහන් කළේ.

2009 වසරෙන් පසු මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර 2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප‍්‍රකාශයට පත්කළා.

කෙසේ වෙතත්, විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතර ඇතැම් අවස්ථාවල මැලේරියා රෝගය වාර්තා වූවද මැලේරියා මරණයක් වාර්තා වූයේ වසර 14 කට පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000