
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 14 දෙනෙකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම ස්ථාන මාරුවීම් අනුමත කර ඇති බව සඳහන්.
මේ යටතේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාතේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා සහ වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලූ එස්.සී. මැදවත්තයි.
පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස එල්.එස්. පතිනායක ස්ථාන මාරු කර යවා තිබෙනවා.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එල්.ඒ.එස්. ප‍්‍රියන්ත වීරසූරිය අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා ඇති බව සඳහන්.
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා.
අපරාධ හා රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එල්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා වෛද්‍ය සේවා, සුබසාධක හා ක්‍ෂේත‍්‍ර බලකා නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා ඇති බව සඳහන්.
වෛද්‍ය සේවා සුබසාධක හා ක්‍ෂේත‍්‍ර බලකා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ආර්.එල්. කොඩිතුවක්කු සහයක සේවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
මීට අමතරව බස්නාහිර පළාත් ප‍්‍රජා පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කළ වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.එච්.එන් ද සිල්වා පොලොන්නරුව කොට්ඨාස බාර නිලධාරිවරයා ලෙස මාරු කර යවා තිබෙනවා. එම තනතුරට පත් කර ඇත්තේ මිගමුව කොට්ඨාශයේ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ එන්.ඩබ්ලිව්. සේනානායකයි.
සහකාර පොලිස් අධිකාරි ටී. උපාලි පානදුර කොට්ඨාසයේ සිට රත්නපුර කොට්ඨාසයටත්, සහකාර පොලිස් අධිකාරි බී.සී.පී. ප‍්‍රනාන්දු ගම්පහ කොට්ඨාසයේ සිට මීගමුව කොට්ඨාසයටත් මාරු කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එමෙන්ම සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.බී.එම්.සී.පී. සම්පත් බණ්ඩාර ඇල්පිටිය කොට්ඨාසයේ සිට පානදුර කොට්ඨාසය වෙතයි මාරු කර යවා ඇත්තේ.