English English සිංහල සිංහල தமிழ் தமிழ்

වාණිජ පරමාර්ථයෙන් තොරව වෙසක් පොහොය දිනය සමරමු

Facebook
Twitter
LinkedIn

මිනිසා විසින් තම තමන්ගේ සංස්කෘතිකාංග මත පදනම්ව හා සිය දිවි පෙවෙත නවමු මඟකට සඳහා ‘ආගම්’ ඇදහීමට කටයුතු කළ අතර එය පුද්ගල මෙන්ම සමස්තයක් වශයෙන් සමාජයට ද එක සේ යහපතක් උදා කරන ලදී. ඉන් තමන්ගේ ගති ගුණ, ක්‍රියාපිළිවෙත් පවා ශිෂ්ටසම්පන්න ලෙස සාධනීය අනුවර්තනයකට ලක් වූ අතර විවිධාකාර සංස්කෘතිකාංග මත පදනම් වූ ආගම් වර්ග රැසක් ලොව පුරා දක්නට ඇත්තේ ය.
ශ්‍රී ලංකාව යනු බහු ආගමික සමාජයකින් යුක්ත වන්නකි. ඒ ඒ ආගම් මත පදනම් වූ ආගමික උත්සව එකිනෙකා විසින් සුහදත්වය හා සහයෝගීත්වය තහවුරු කර ගනිමින් නිරවුල් වූ මනසකින් යුත් විචක්ෂණශීලි පුද්ගලයෙක් මත ආගමික සහජීවනය මත ගරුත්වයක් පෙරදැරි වන්නේ නිරායාසයෙනි.
බහුතරයක් වූ මෙරට බෞද්ධයින් වෙසක් පොහොය දිනය මුල් කර ගනිමින් වර්තමානයේ සමරනුයේ අති උත්කර්ෂවත් අන්දමට ය. එදවස පැවැති ආගමික ප්‍රබෝධය වෙනුවට වර්තමානයේ පුහු ආටෝපයෙන් ආරෝපිතව කීර්තිය, ධනය හා බලය මතු කර දැක්වීමක් මත සැණකෙළි ස්වරූපයක් දැකගත හැකි අතර එය වූ කලී වචනාර්ථයෙන් ම උත්සවශ්‍රීයෙන් සමරන ‘සැණකෙළියක්’ ය.
වර්තමානයේ වෙසක් පොහොය අරභයා තරඟකාරී බවක් මේ සඳහා ආරෝපණය වී ඇති අතර බොහෝමයක් ජනප්‍රිය රූපවාහිනි මාධ්‍ය නාලිකා මෙකී තත්ත්වය අති මහත් වූ වේගයෙන් සමාජය තුළ පතුරවාලයි. අනෙකා අභිබවා යමින් සැණකෙළි ස්වරූපයෙන් වෙසක් පොහොය සමරමින් ඔවුන් ඔවුන්ගේ කීර්තිය, ප්‍රතිරූපය ඉහළ නංවාලමින් සටන්කාමී වාණිජ පරමාර්ථයෙන් යුත් කර්ත්‍යවයක නියැලේ.
වීපරීත වූ මෙකී තත්ත්වය වස්තු විෂය කරගනිමින් සමාජ යථාර්ථය පෙන්වාලන දයාසේන ගුණසිංහයන්ගේ ‘කීසාගෝතමියක නොවේ’ යන කවි පෙළෙන් අපූරුවට ඉදිරිපත් කර ඇත.

“මංසලෙන් සල නැඟු තොරණින්
මහරු සම්බුදු සිරිත දිස්විය
උවසු උවැසියෝ ගැයූ බැති ගී
අරම පිස වා ගැබට එක්විය

රැයෙහි මැදියම ගෙවෙන මොහොතෙහි
දනන් කෙළි ලොල් හඬ නිමා විය
මවක ඉකි බිඳ වැලපෙනා හඬ
පාලූ වීදිය වසා මතුවිය”

දුප්පත් මවකට තම බිළිඳා ජීවත් කරවීමට උතුම් වූ වෙසක් පොහෝ දින සිඟමන් යැදීමට සිදු වූ නමුදු කිසිඳු උපකාරයකට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. සම්බුදු සිරිත දිස් වූ තොරණ මෙන්ම උවැසි උවැසියන් ගායනා කළ බැති ගී අවසනට වා ගැබට එක් වූ අතර මැදියම් කල හවිහරණක් නොමැති වූ මවගේ ඉකිබිඳීම පමණක් ඇසෙන්නට විය.
වර්තමානයේ හරසුන් මානසිකත්වය හා පුහු අටෝපයෙන් යුක්ත වාණිජත්වය පෙරටු කරගත් තත්ත්වයක් මෙලෙසින් දැකගත හැකි ය.
හරවත් යමක් සමාජයට දායාද කිරීමේ උතුම් වූ දහම් පණිවිඩය මනා කොට සන්නිවේදනය කරමින් නිවැරැදි වූ දැක්මක් සහිතව පුහු ආටෝපයෙන් යිත් ප්‍රවණතා අනුගමනය නොකරමින් වාණිජත්වය මත වූ ලාභය, ආත්මාර්ථය පසෙකලා සබුද්ධිකව වෙසක් පොහොයේ සැබෑ අරුත මත කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයකි.

 

උෂාරා කළුදුර. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000