English English සිංහල සිංහල தமிழ் தமிழ்

රටක සංවර්ධන ක්‍රියාවලිය උදෙසා ආත්මාර්ථයෙන් තොර දේශපාලන සංස්කෘතියක වැදගත්කම

Facebook
Twitter
LinkedIn

මිනිසා නිතැතින්ම දේශපාලන සත්ත්වයෙක් වන අතර දේශපාලනයෙන් තොරව මිනිසාට ජීවත් වීමට නොහැකිය. එලෙස දේශපාලන වශයෙන් සංවිධානය වූ සමාජයක් තුළ දේශපාලන ජීවීන් වශයෙන් මිනිසාගේ හැසිරීම තුළින් දේශපාලන සාරධර්ම පිළිබිඹු වන අතර එය දේශපාලන සංස්කෘතිය ලෙසට අදහස් කරනු ලබයි. රටක දේශපාලන ක්‍රමය අරභයා එහි නිරවද්‍ය බව හා නිරවද්‍ය නොවන්නේ කුමක් ද පිළිබඳ මනා කොට අවබෝධ කර නොගතහොත් ඒ තුළින් ඍණාත්මක දේශපාලන සන්දර්භයක ගති ලක්ෂණ සමාජය තුළ දැකගත හැකි වන්නේ ය.
දේශපාලන ක්‍රමය සම්බන්ධයෙන් එහි වර්ධනාත්මක මට්ටම තීරණය වන්නේ මිනිසා සතු දේශපාලන සමාජානුයෝජනයේ ප්‍රමාණාත්මක බව මත ය. ඉහළ මට්ටමක දේශපාලන සමාජානුයෝජනයක් යම් රටක පවතී ද එය රටේ සංවර්ධනයේ කැඩපතක් ය. එනම් එය රටේ සංවර්ධනයට ඉවහල් වන්නේ නිරායාසයෙනි.
පහළ දේශපාලන සමාජානුයෝජනයක්; දේශපාලන වශයෙන් නවීකරණය නොවූ සාම්ප්‍රදායික ගතානුගතික දේශපාලන ක්‍රම තුළින් රටක් සංවර්ධනය නොව රටක් අගාධයට පත් වන්නේ ය. වෙනසකට ඉඩ නොදී ඉපැරණි ග්‍රෝතික ස්වරූපයේ පාලනයක් මත මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් රටකටත් පොදුවේ ඉන් මිනිසාට ද භුක්ති විඳීමට සිදු වන්නේ ය.
දේශපාලනයෙන් ආගම ඉවත් කිරීම මෙන්ම දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ආගම අතකොළුවක් සේ භාවිතයට නොගැනීම මෙන්ම දේශපාලන ක්‍රියාකාරිත්වය විෂයෙහි ලා ජනතා සහභාගීත්වය දිරිමත් කිරීමත් ඉන් සක්‍රීය ජනතා ක්‍රියාකාරිත්වයක් මත පරාර්ථකාමී දේශපාලන ක්‍රමයක් නිර්මාණයට අඩිතාලම සකසා ගත හැකි ය.
දේශපාලන පක්ෂයක් වුව ද නවීකරණය වන අදහස් හි සරුසාරත්වය තම පක්ෂයට අනුගත කර ගත හැකි අතර ගතානුගතිකත්වය හා ආත්මාර්ථයෙන් මිදී ස්වක්‍රීය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ හරහා රටේ ප්‍රවර්ධනයට ඉවහල් විය හැකි ය.
දේශපාලනික දැනුම පුළුල් කරලීම මත තමා ගැන මෙන්ම ඒ හා සමානව අනෙකා පිළිබඳව ද සමස්තයක් වශයෙන් රට කෙරෙහි පුළුල් චින්තනයකින් කටයුතු කිරීම මත සාධනීය වූ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගත හැකි ය.
ආත්මාර්ථකාමී බල ලෝභීත්වය මත පදනම් වූ නායකත්වයක් මත රටක, සමාජයක පරිහානිය; දේශපාලන සංස්කෘතිය පිරිහීමට ලක්ව ඇති වන්නා වූ බලපෑම්කාරී තත්ත්වයට අවසානයේ එකී නායකත්වයට මුහුණ දීමටත් ඉන් රටක් තුළ දේශපාලන අස්ථාවරත්වය මෙන්ම ජාත්‍යන්තර අනිසි අත පෙවීම් වලට ද ගොදුරු වන්න සිදු වන්නේ ය.
දේශපාලන පරිණතභාවය පමණක් නොව පරාර්ථකාමීත්වය මුල් කොටගත් ජනමතයට ගරු කරන නම්‍යශීලීත්වය මත නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් අභියෝග සඳහා මුහුණ දීමට දේශපාලන සංස්කෘතිය ඉවහල් වේ.
සමස්තයක් වශයෙන් රටක පුරවැසියාගේ සිට නායකත්වය දක්වා ආත්මාර්ථයෙන් තොර පරාර්ථයෙන් යුක්තව දේශපාලන සංස්කෘතික නැමියාව මත රටක සංවර්ධන ක්‍රියාවලියේ දිශානතිය තීරණය කර ගත හැකි අතර රටක දියුණු දේශපාලන සංස්කෘතියක් පවතී ද ඊට සංවර්ධනය කරා යන මාර්ගය අති වේගවත් වන අතර දියුණු දේශපාලන සංස්කෘතියක් නොතිබීම මත රටේ සංවර්ධනය කරා යන මාර්ගය අතිශය මන්දගාමී වන්නකි.

 

උෂාරා කළුදුර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000