English English සිංහල සිංහල தமிழ் தமிழ்

දඹුල්ලේ රෝහලක කාර්ය මණ්ඩලයේ 63 කට ඩෙංගු.

Facebook
Twitter
LinkedIn

 

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 63 දෙනෙකුට ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් රෝහලේ ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යාම ගැටළුකාරි වී ඇති බව එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

 

වෛද්‍යවරුන් කිහිපදෙනෙකු මෙන්ම, හෙදියන්, උපස්ථායකයන්, කම්කරුවන් ඇතුළු රෝහලේ සෑම විවිධ අංශවල සේවකයින්ට ඩෙංගු රෝගය වැළදී ඇති බවයි වාර්තා වන්නේ. රෝහලේ මේ වන විට 550 ට වැඩි පිරිසක් සේවය කරනවා

 

මේ පිළිබඳව අප දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද ඔහු තම දුරකතනයට ප‍්‍රතිචාර දැක්වුයේ නැහැ.

 

පසුව දඹුල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි සමිත කන්නන්ගරගෙන් අප මේ පීළිබද විමසිමක් කළ අතර ඔහු කියාසිටියේ රෝහලේ බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවයි. ඒ අනුව රෝහල් පරිශ‍්‍රය මෙන්ම අවට ප‍්‍රදේශයද පිරිසිදු කිරීමට පියවර ගත් බව ඔහු ප‍්‍රකාශ කළා.

 

මේ වනවිට බස්නිහිර පලාත කේන්ද්‍රකර ගනිමින් ඩෙංගු මර්ධන සතියක් ද ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එමෙන්ම දිවයිනේ මේ වනවිට ඩෙංගු රෝගීන් විසිඅට දහසක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

 

මේ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ මී උණ වැළඳීමෙන් මරණ 19 ක් වාර්තා වන බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි පවසනවා.

 

ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අනුකමිටුව රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මීට පෙර වසරවළට සාපේක්ෂව එම මරණ සංඛ්‍යාව ඉහළ අගයක් බවයි.

 

මේ අතර, ඖෂධ හිඟය හේතුවෙන් තමන්ට අපහසුතා රැසකට මුහුණදීමට සිදුවන බවට හම්බන්තොට රෝහලට පැමිණෙන රෝගීන් චෝදනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000