 
                            
වැල්ලවාය – කෝන්ගහරූප්ප ප‍්‍රදේශයේදී සිය බාල සොහොයුරා එල්ල කළ පිහි පහරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් මත මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස විසි පස් හැවිරිදි අයෙක්. ඝාතනට ලක්වූ වැඩිමහල් සහෝදරයා 34 හැවිරිදි වියේ පසුවනවා.
පිහි ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                