English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෝක කම්කරු දිනය

Facebook
Twitter
LinkedIn

අද ලෝක කම්කරු දිනයයි. කම්කරු දිනයේ දී වැඩ කරන ජනතාවගේ අයිතීන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනයටත් කම්කරු ප්‍රජාව හා කම්කරු ව්‍යාපාර විසින් සිදු කරන ලද ඓතිහාසික අරගල හා ජයග්‍රහණ සිහිපත් කරනු ලබන දිනයක් වන අතර  වැඩ කරන ජනතාවගේ සැමරුමක් වන කම්කරු දිනය සමරනු ලබන්නේ 137 වන වරටය.

1886 මැයි මාසයේ දී එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවල කම්කරුවන් 400,000 ක ප්‍රමාණයක් වැඩ වර්ජනයක නිරත වූයේ පැය අටක වැඩ දිනයක් ඉල්ලා සිටිමින් ය. වැඩවර්ජනය සාමකාමීව ආරම්භ වූ නමුත් චිකාගෝ හි විරෝධතාවල තුන්වන දිනයේ දී යම් ප්‍රචණ්ඩත්වයක් ඇති වූ අතර පොලිසිය නිරායුධ කම්කරුවන්ට වෙඩි තැබීම මත කිහිපදෙනෙකු මිය ගිය අතර  ඊළඟ දවසේ  විරෝධතා උග්‍ර වූ අතර  බෝම්බ ප්‍රහාරයකින් හා පොලිස් වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු සහ කම්කරුවන් හතර දෙනෙකු මිය ගියහ.  බෝම්බය විසි කළ පුද්ගලයා කිසි විටෙක හඳුනා නොගත් නමුත් කම්කරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  ඔවුන්ගෙන් හත් දෙනෙකුට මරණ දණ්ඩනය නියම වූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු වසර 15කට සිරගත කරන ලදී.

The Haymarket Affair නමින් හැඳින්වෙන මෙම සිදුවීම ඇමරිකා එක්සත් ජනපදයේ වැඩ කරන ජනතාව එකට එක් කිරීමට ඉතා වැදගත් විය.  බොහෝ අය මිනිසුන් වැරදිකරුවන් බව විශ්වාස නොකළ අතර, නඩු විභාගය අසාධාරණ ලෙස විවේචනයට ලක් විය.  Haymarket Affair කම්කරුවන්ගේ අයිතීන් සඳහා වන අරගලයේ ජාත්‍යන්තර සංකේතයක් බවට පත් වූ අතර මැයි පළමු වන දින ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස තෝරා ගන්නා ලදී.  මෙම දිනයේ දී සමාජවාදී පක්ෂ සහ වෘත්තීය සමිති කම්කරුවන්ට පැය අටේ වැඩ දිනය සඳහා සහ සාමකාමී විරෝධතාවයට පක්ෂව පෙළපාලි යන ලෙස ඉල්ලා සිටියහ.  1892 දී ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවකයින් සඳහා පැය අටක වැඩ කරන දිනය නීතියක් බවට පත් විය.  එතැන් පටන් ලොව පුරා කම්කරුවන්ගේ ව්‍යාපාර මෙම අයිතිය වෙනුවෙන් අඛණ්ඩව සටන් කර දිනා ගන්නා ලදී.

ලොව පුරා බොහෝ රටවල් වාර්ෂිකව කම්කරු දිනය සමරන අතර 1956 දී එවක ආණ්ඩුවේ කම්කරු ඇමති වූ  ටී.බී ඉලංගරත්න මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ මැයි පළමු වන දින නිවාඩු දිනයක් බවට පත් කළ අතර පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සේවයේ සුරක්ෂිතතාව වෙනුවෙන් සේවක අර්ථසාධක මුදල ද නිර්මාණය කරන ලදී.

කම්කරු ප්‍රජාවගේ කැපවීම පිළිගැනීමත් අයිතීන් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ලොව බොහෝ රටවල් කම්කරු දිනය ඵලදායීව යොදා ගනී.

මාක්ස්වාදී න්‍යායාචාර්ය රෝසා ලක්සම්බර්ග් (1894) “වඩා හොඳ  දිනයක උදාව නම් ලෝකයේ කම්කරු පන්තිය සිය විමුක්තිය දිනාගත් විට මනුෂ්‍ය වර්ගයා ද  කටුක අරගල සහ අතීතයේ බොහෝ දුක් වේදනාවලට ගෞරවයක් වශයෙන් මැයි දිනය සමරනු ඇත.” දක්වා ඇති අතර වසර ගණනාවක් ඔස්සේ කම්කරු ප්‍රජාව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගයන්ගේ අවසන බොහෝදුරට කම්කරු ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් දිනා ගෙන ඇති අතර දිනා නොගත් අයිතිවාසිකම් සඳහා ද අවධානය යොමු කරවන දිනයක් වශයෙන් අද දින සැලකේ.

උෂාරා කළුදුර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000