English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය

Facebook
Twitter
LinkedIn

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19වන වගන්තිය ප්‍රකාරව නිදහස් මත ප්‍රකාශ කිරීමට, තොරතුරු ලැබීමට හා තොරතුරු දීමට ඇති අයිතිය දක්වා ඇති පසුබිමක 1991 දී UNESCO මහා සම්මේලනයේ වූ නිර්දේශ මත 1993 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය ප්‍රකාශයට පත් කළ අතර සෑම වසරකම මැයි තුන් වන දින ගෝලීය වශයෙන් ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සමරන්නේ මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමක් සඳහා අනාගත හැඩගැස්මක් වන අතර ඉන් ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීම මෙන්ම ආරක්ෂා කිරීම සිදු වේ.
ජනමාධ්‍ය යන්නෙහි මූලික පරමාර්ථය නම් තොරතුරු සම්ප්‍රේෂණය කරවන්නක් ය. අදාළ තොරතුරු සම්ප්‍රේෂණය සඳහා දිගු ක්‍රියාවලියක් ද අනුගමනය කරනු ලබයි.
ඇතැම් අවස්ථා වල අත්‍යාවශ්‍ය තොරතුරු සැපයීමට මාධ්‍යවේදීන් තම ජිවිතය පවා අනතුරේ හෙළා කටයුතු කළ අවස්ථා ඕනෑ තරම් ජනමාධ්‍ය ඉතිහාසය තුළ දැකගත හැකි ය. ජනමාධ්‍යවේදීන් සතු වූ අති මහත් දායකත්වයට ඇගයීමක් ලබා දීමට මෙන්ම ඔවුන්ට ගරුත්වයක් ලබා දීම අපේක්ෂිත ය.
මනා වූ සන්නිවේදනයක් සඳහා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය , විනිවිදබාවය මත වූ තිරසාර සමාජයක් ගොඩ නැංවීමෙහි ලා ජනමාධ්‍ය නිදහස රටකට අත්‍යාවශ්‍ය වන්නකි. ජාතීවාදීන්, අන්තවාදීන් මෙන්ම අත්තනෝමතික දේශපාලන බල අරගලයේ නියුතු පිරිස් ජනමාධ්‍ය නිදහස සීමා කිරීමට කටයුතු කරනු ලබයි. විශේෂයෙන් ම ඇතැම් රටවල් දේශපාලන බල අධිකාරියේ අත්තනෝමතික ක්‍රියාවන් සඳහා ප්‍රමුඛතම බාධාව ජනමාධ්‍ය හා ජනමාධ්‍ය නිදහස යැයි සලකා ජනමාධ්‍ය වාරණයට ලක් කිරීම්, ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම, බිය වැද්දීම, අත්තනෝමතික සිරගත් කිරීම, ඝාතනය කිරීම් වර්තමානයේ දක්නට ඇත.
තුර්කිය, චීනය, ඊශ්‍රායලය වැනි රටවල ජනමාධ්‍යවේදීන් අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම බහුල ය. නෝර්වේ, ෆින්ලන්තය, ස්වීඩනය , ඩෙන්මාර්කය , නෙදර්ලන්තය, නවසීලන්තය, අයර්ලන්තය සහ ස්විට්සර්ලන්තය යනු ජනමාධ්‍ය නිදහස ඉහළින්ම් පවතින රටවල් ය.
කෙසේ වෙතත් රටක මානව අයිතීන් හා නිදහස මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අති මහත් කාර්‍යභාරයක් ජනමාධ්‍ය නිදහස හේතු කොටගෙන ඇති වේ.

උෂාරා කළුදුර.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000