
සර්බියාවේ බෙල්ග්රෙඩ් අගනුවර පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් 08 දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්රහාරයෙන් තවත් සිසුන් හයදෙනෙකු සහ ගුරුවරයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම ප්රහාරය සම්බන්ධයෙන් එම පාසලේම 14 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ පියාගේ ගිනි අවිය භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.