
රට තුළ මේ වන විට සීග්‍රයෙන් පැතිරෙන ඩෙංගු ව්‍යාප්තියට හේතුව එම වෛරසයේ තුන්වන ප්‍රභේදයට බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා ෙසෙල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මේ බව කියා සිටියේ.
පාසල් 146 ක සිසුන් 5208 ක් නියැදි ලෙස යොදාගනිමින් මෙම පර්යේෂණය සිදුකර තිබුණා.
ඊයේ දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 30,365 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ.