 
                            
සංචාරකයින් 570 ක් සහ 369 දෙනෙකු සහිත කාර්යමණ්ඩලයක් සහිත ඇමෙරිකානු සුඛෝපභෝගි මගී ප්‍රවාහන නෞකාවක් අද පස්වරුවේ කොළඹ වරායට සේන්දු වුණා. ඉන්දියාවේ – කොචී සිට පැමිණි ඉන්සිග්නියා නමැති මෙම නෞකාවේ හෙට රාත්‍රියේ මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතයි. ඔවුන් කොළඹ නගරය ආශ්‍රිතව සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර වර්ල්ඩ් පැකර්ස් වාර්තා අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතරින් 12 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
රටවල් 100 කට අධික සංඛ්‍යාවක සංචාරකයන් පදනම් කරගත් ස්වේච්ඡුා අත්දැකීම් ගොනු කර ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් ලෙසයි වර්ල්ඞ් පැකර්ස් හැඳින්වෙන්නේ.
ඒ අනුව ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර පෙරමුණට පැමිණ ඇත්තේ අයිස්ලන්තයයි.
ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථානවල පසුවනවා.
එහි පෙරමුණේ පසුවන එකම දකුණු ආසියානු රට ශ්‍රී ලංකාව වන අතර, ජපානය මෙම ලැයිස්තුවේ 9 වන ස්ථානයේ සිටින බව සඳහන්.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                