
නාරම්මල ප‍්‍රදේශයේ සත්ත්ව ගොවිපොලක වැටලීමක් අතරතුරදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ගොවිපලේ හිමිකරු ඇතුලූ හතර දෙනෙකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔවුන් අද කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නාරම්මල ප‍්‍රදේශයේ සත්ව ගොවිපොලක් තුළ බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලයේ නිලධාරින් පිරිසක් ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව තිබුණා.
ඊයේ දිනයේම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, අද උදෑසන අදාළ ගොවිපොලේ හිමිකරු ද අත්අඩංගුවට ගනු ලැබුවා.