/
/
title icon පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් හතරට වැඩ වරදී.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් හතරට වැඩ වරදී.
Editor
11 months ago
Share:
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් හතරට වැඩ වරදී.

 

නාරම්මල ප‍්‍රදේශයේ සත්ත්ව ගොවිපොලක වැටලීමක් අතරතුරදී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් ගොවිපලේ හිමිකරු ඇතුලූ හතර දෙනෙකු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

ඒ ඔවුන් අද කුලියාපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

නාරම්මල ප‍්‍රදේශයේ සත්ව ගොවිපොලක් තුළ බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත‍්‍රික් කාර්යාලයේ නිලධාරින් පිරිසක් ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුව තිබුණා.

 

ඊයේ දිනයේම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, අද උදෑසන අදාළ ගොවිපොලේ හිමිකරු ද අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required