
මැදවච්චිය ප්‍රදේශයේ විහාරස්ථානයකට මුහුණු වසා ගෙන පැමිණී පිරිසක් එහි විහාරාධිපති හිමිනම බුදුමැදුරේ කොන්ක්‍රීට් කනුවක ගැටගසා ගොස් තිබු බව පොලිසිය සදහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නම විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, පසුව ඒ සම්බන්ධයෙන් සැකපිට ගම්වාසීන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
පිරිසිදු කිරීම් සඳහා විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ තිබෙන පිළිම වහන්සේ පිටතට ගැනීමට අවශ්‍ය බව ගම්වාසීන් ප්‍රකාශ කර තිබූ අතර ඊට විහාරාධිපති හිමියන් අකමැති වීම නිසා ඇති වූ ආරවුලක් මත මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.