English English සිංහල සිංහල தமிழ் தமிழ்

ටෙලිකොම් කොටස් ලබන 15 වනදා තෙක් අලෙවි කරන්නේ නැහැ.

Facebook
Twitter
LinkedIn

ලබන මස 15 වනදා තෙක් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයට අයත් කොටස් විකිණීම සිදු නොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රතිඥාවක් ලබා දුන්නා. ඒ, එම ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ශ‍්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී මුදල් අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජීව ගුණතිලක කියා සිටියේ ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමේ ක‍්‍රියාදාමය සම්පුර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි. කෙසේ වෙතත් පෙත්සම සළකා බැලෙන ලබන මස 15 වනදා තෙක් මෙම කොටස් විකිණීම සිදුනොකරන බව ඔහු සඳහන් කළා.

මේ අතර ශ‍්‍රී ලංකා සමස්ත විදුලි සංදේශ සේවක සංගමය ගොනුකළ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප‍්‍රභ කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකර සිටියා.

ඒ, එම පෙත්සම මුර්දු ප‍්‍රනාන්දු, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප‍්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

වෘත්තීය සමිතියක් නෛතික පුද්ගලයෙකු ලෙස පිළිගත නොහැකි බැවින් පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවයි එහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජීව ගුණතිලක පෙන්වා දුන්නේ. එහෙත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළේ මෙය මහජන සුබසාධක නඩුකරයක් ලෙස ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙහි නියෝගය ලබන මස 05 වනදා ප‍්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා.

නීතිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු සාමාජිකයින් ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් හුවමාරුවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ඇතුළු සාමාජිකයින් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමේ ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර වගඋත්තරකරුවන් විසින් මහජන, සේවක මෙන්ම කොටස්කරුවන්ගෙන් අදහස් විමසීමක් සිදුකර නොමැති බවයි පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර විදුලිබල මණ්ඩලයේ ප‍්‍රතිව්‍යුහගතකරණයට අදාළ නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා තාක්ෂණික සහය ලබාදීමට ඇමරිකාව කැමැත්ත පළකර තිබෙනවා.

මෙරටට පැමිණ සිටින යූ.එස් ඒඞ් හෙවත් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් ඇතුළු කණ්ඩායම අද පෙරවරුවේ විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000