English English සිංහල සිංහල தமிழ் தமிழ்

කළුතරදී අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවියගේ දේහය නිවසට – සැකකාර තරුණයාට විදෙස් ගමන් තහනමක්.

Facebook
Twitter
LinkedIn

කළුතර – නාගොඩ ප‍්‍රදේශයේ හෝටලයකට ගොස් සිටියදී අභිරහස් ලෙස මියගිය ගිය පාසල් සිසුවියගේ දේහය මේ වන විට ඇගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඒ, ඊයේ රාත‍්‍රියේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසුවයි.

16 හැවිරිදි මෙම සිසුවිය සමඟ හෝටලයට පැමිණි පුද්ගලයා සහ තවත් යුවලක් සමඟ කළුතර ප‍්‍රදේශයේ හෝටලයකට පසුගිය සිකුරාදා පස්වරුවේ ගොස් තිබුණේ එහි කාමර දෙකක් වෙන්කර ගනිමින්.

ඊට පසුදින එනම් සෙනසුරාදා රාත‍්‍රි 7.30 ත් 08 ත් අතර කාලය තුළ මෙම සිසුවිය මියගොස් ඇති බවටයි දැනට සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ. ඇයගේ සිරුර හෝටලය අසළ දුම්රිය මාර්ගයේ තිබී සොයාගැණුනේ එම හෝටලයට පැමිණි පුද්ගලයෙකු නිරුවත් කාන්තා මළ සිරුරක් දුම්රිය මාර්ගයේ ඇති බවට කළ දැනුම් දීමකට අනුවයි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ කළුතර දකුණ පොලිසිය අදාළ හෝටලයේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී මියගිය සිසුවිය සහ තරුණයා සමඟ හෝටලයට පැමිණි අනෙක් යුවල පළමුව හෝටලයෙන් පිටව යන ආකාරය සහ ඉන් පැය භායකට පමණ පසුව අදාළ තරුණයාද කලබලයෙන් පිටව යන ආකාරයත් නිරීක්ෂණය කර තිබෙනවා.

පළමුව හෝටලයෙන් පිටව ගිය යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටව ගියේ සුපිරි වෙළඳසැලක් වෙත යාමට බවයි. එම කාලය අතරතුර තරුණයා ඔවුන්ට ඇමතුමක්දී හදිසියක් බව පවසා කඩිනමින් පැමිණෙන ලෙස දැනුම් දුන් බවද එම යුවල පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.

පසුව තරුණයා එම යුවල සමඟ දුම්රිය මාර්ගයේ සිසුවිය ඇඳවැටී සිටි ස්ථානයට ගොස් ඇයගේ සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත්කර පසෙකින් තබා ඇති බව සඳහන්. පසුව තමන් පැමිණි මෝටර් රථය කුලි පදනම මත ලබාගත් බැවින් එය යළි භාරදීම සඳහා සිසුවියගේ පෙම්වතා බව කියන තරුණයාට ලබාදුන් බවත් අදාළ යුවල පොලිසිය පාපොච්චාරණය කර තිබෙනවා.

එහෙත් එම තරුණයා මෝටර් රථය රැගෙන ගොස් එය භාරදීම සඳහා ඔහුගේ මිතුරෙකුට භාරකර ඇති අතර එම මිතුරාද අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කළේ. ඒ අනුව අද පෙරවරුවේ අදාළ යුවල සහ අදාළ තරුණයාගේ මිතුරා කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සැකකාර යුවල සහ මිතුරා මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර දැනට පළාගොස් සිටින මියගිය සිසුවිය සමඟ හෝටලයට පැමිණි පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්ද පැනවීමටයි අධිකරණය නියෝග කළේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාර කෙරුණු සැකකරුවන් තුන්දෙනා අතර සිටින තරුණ යුවල 19 හැවිරිදි වියේ පසුවන්නන් බව සඳහන්.

එම යුවලේ 19 හැවිරිදි තරුණිය මියගිය සිසුවියගේ පාසලේ උසස් පෙළ හදාරන සිසුවියක් වන අතර ඇය විසින් මියගිය 16 හැවිරිදි සිසුවිය නිවසින් කැඳවාගෙන ගොස් ඇත්තේ වෙසක් බැලීමට යන බවට දෙමාපියන්ට පවසමින්. එමෙන්ම 16 හැවිරිදි සිසුවියගේ හැදුනුම්පත වෙනුවට හෝටලයට ඉදිරිපත් කර ඇත්තේ එම උසස් පෙළ සිසුවියගේ මිතුරියකගේ හැදුනුම්පතක් බවටද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ සිසුවිය පළගොස් සිටින තරුණයා හදුනාගෙන ඇත්තේද එම උසස් පෙළ සිසුවිය හරහා බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔවුන් මාස දෙකක පමණ කාලයක් ප්‍රේම සබඳතාව පවත්වා ඇති බවටද තොරතුරු හෙළිව තිබෙනවා. පළාගිය තරුණයා 29 හැවිරිදි වියේ පසුවන අතර විවාහ දෙකක් සිදුකර ගත් අයෙකු බවත් සඳහන්.

සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ වැටීමෙන් සුෂුම්නාවට හානිවීමෙන් සිදුවූ මරණයක් බවටයි. එමෙන්ම මෙය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සියදිවි හානිකර ගැනීමක්ද යන්න මේ දක්වා අනාවරණ වී නැහැ.

සිසුවියගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී ඇය එම අවස්ථාවේ මත්පැන් පානය කර සිටි බවටද තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ඩී.එන්.ඒ සාම්පල සහ ඇඟිලි සළකුණු අදාළ අංශ වෙත වැඩිදුර විමර්ශන සඳහා යොමුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000