English English සිංහල සිංහල தமிழ் தமிழ்

තිරිඟු පිටි සහ සීනි මිල ඉහළට.

Facebook
Twitter
LinkedIn

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඉහළ ගොස් ඇති බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ තීරුබදු සහනය ඉවත් කිරීම සහ අනෙකුත් පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම තීරුබදු සහන යටතේ ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීමේ කාලසීමාවද අවසන් වී තිබෙනවා. ඒ හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කෙරෙන අතර, කිලෝවක මිල රුපියල් 25 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ ප‍්‍රකාශ කළේ තිරිඟු පිටි සඳහා ලබාදී තිබූ රුපියල් තුනක රේගු බදු සහනය ඉවත් කරන බවයි. එමඟින් මිල ඉහළ දැමීමක් සිදු නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

එහෙත් පසුගිය සතියේ වෙළඳපොලේ රුපියල් 190 ත් 200 ත් අතර මිලක පැවති තිරිඟු පිටි කිලෝවක මිල, අද වනවිට රුපියල් 240 ත් 290 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එමෙන්ම සුදු සීනි කිලෝවක මිලද පසුගිය සතියේ පැවතුණේ රුපියල් 190 ත් 210 ත් අතර මිලකයි.

එහෙත් අද වනවිට සතොස සහ සුපිරි වෙළඳසැල් ජාලයන්හි සුදු සීනි මිල ගණන්ද රුපියල් 245 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000