English English සිංහල සිංහල தமிழ் தமிழ்

මන්ත්‍රී අමරකීර්ති වෙනුවෙන් නිහැඬියාවක්.

Facebook
Twitter
LinkedIn

පසුගිය වසරේ මැයි 09 වනදා රට තුළ ඇතිවූ කලහකාරි තත්වයේදී නිට්ටඹුව නගර මධ්‍යයේ ඝාතනයට ලක්වූ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අමරකීර්ති අතුකෝරල සිහිකරමින් විශේෂ අනුස්මරණ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේදී පැවැත්වුණා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය ප‍්‍රකාශ කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පවත්වනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා කළ ඉල්ලීමකට අනුවයි.

මේ අතර අරගලයට වර්ෂයක් සැපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට අදාළව ජනාධිපති මන්දිරය ඇතුළු ආයතන කිහිපයකට ඇතුළුවීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අද නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ කොළඹ කොටුව සහ කොල්ලූපිටිය පොලිස් ස්ථාන කළ ඉල්ලීමක් සළකා බලමින්.

ඒ අනුව අරගලයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු වන නූර් මොහොමඩ් ඇතුළු දෙදෙනෙකුට මෙම නියෝගය නිකුත් කළ අතර ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, මුදල් අමාත්‍යංශයට ඇතුළුවීමද තහනම් කළ මහේස්ත‍්‍රාත්වරයා ජනාධිපති කාර්යාලය අසළ පිහිටි වටරවුමේ සිට ගාලූමුවදොර වටරවුම දක්වා උද්ඝෝෂණකරුවන්ට ප‍්‍රධාන මාර්ගවල ගමන් කිරීමද තහනම් කරනු ලැබුවා.

මේ අතර පසුගිය වසරේ මැයි 09 වනදා සිදුවූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබැලීමට පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.

මේ අතර ගෝල්ෆේස් අරගල ක‍්‍රියාකාරීන් පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහිදී අදහස් දැක්වූ ජීවන්ත පීරිස් පියතුමන් සඳහන් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුළා දමමින් රජය කටයුතු කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000