English English සිංහල සිංහල தமிழ் தமிழ்

කළුතර දැරියගේ සිද්ධියට සෙවූ තරුණයා අල්ලයි.

Facebook
Twitter
LinkedIn

කළුතර හෝටලයක තුන්වන මහලෙන් වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු, සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් පොලිසියට හෙළි කර තිබෙනවා. විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය හෝටලයේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගත් බවට සැකකරු ප‍්‍රකාශ කරන බවයි.

තමන් ඇය සමඟ සිටින අවස්ථාවේ ඇයට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බවත් ‘‘අද නම් ගෙදර ගිහින් ඉවරයි’’ යැයි පවසා දිවගොස් මෙය සිදුකරගත් බවත්, සැකකරු පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ සැකකරුගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සැක මතුවන හෙයින් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බවයි.

මෙම සැකකරු අද අත්අඩංගුවට ගත්තේ හික්කඩුව ප‍්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදියි. ඔහුගේ ඡුායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමත් සමඟ පෞද්ගලික ඔත්තුකරුවෙකු විසින් සැකකරු අදාළ හෝටලයේ ළැගුම් ගෙන සිටින බවට දන්වා තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ලැබුණු උපදෙස් පරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උපක‍්‍රම කිිහිපයක් යෙදූ බවත් පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ අනුව සැකකරු හික්කඩුවේ සිට කුලී පදනම මත මෝටර් රථයක් ලබාගැනීමට සූදානම් වීමේදී පොලිසිය උපාය ධුතයෙකු යොදවා ඔහුට මෝටර් රථයක් කුලියට ලබාදී තිබෙනවා. එම මෝටර් රථයෙන් ගාල්ල දෙසට යමින් සිටියදී මාර්ග බාධකයක් යොදා එම වාහනය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පසුව විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ කළුතර දකුණ පොලිස් ස්ථානයට රැගෙන ආ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේද මැදිහත්වීමෙනුයි සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කෙරුණේ.

පොලිසිය සඳහන් කළේ බෝට්ටුවකින් රටින් පලායාමේ සූදානමකින්ද සැකකරු පසුවී ඇති බවයි. විවාහ දෙකක් සිදුකරගෙන ඇති මොහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා. යම් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවී ඇති අතර, වාහන අත්පත් කරගැනීමේ සීසර්වරයෙකු ලෙසද මොහු කළක් කටයුතු කර තිබෙනවා.

දෙවන විවාහයේ බිරිඳ සමඟ කළුතර – පළාතොට ඉසුරුඋයන ප‍්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට අයත් නිවසක සැකකරු, පදිංචිව සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප‍්‍රධාන සැකකරුගේ මිතුරාගේ සහ ඔහුගේ පෙම්වතියගේ සහය ඇතිව පාසල් සිසුවිය අදාළ හෝටලයට කැටුව ආ බව ඔහු පොලිසියට ප‍්‍රකාශ කර තිබෙනවා.

ප‍්‍රදේශයේ වෙනත් තරුණියකගේ හැදුනුම්පතක් ඉදිරිපත් කර ඔවුන් ලැගුම්හලේ කාමර දෙකක් ලබාගෙන තිබූ අතර, සිව්දෙනාම පසුව මත්පැන් පානය කළ බව ප‍්‍රධාන සැකකරු සඳහන් කර තිබෙනවා. අනතුරුව මියගිය සිසුවියගේ මිතුරිය සහ පෙම්වතා ලැගුම්හලෙන් පිටව ගොස් තිබුණා. සැකකරු සඳහන් කර ඇත්තේ මත්වීම නිසා ඇය නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටි අතර, පසුව උඩුමහලෙන් බිමට පැනීම සිදුවූ බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ප‍්‍රකාශ සැක සහිත බැවින් සැකකරු මේ වන විටත් දකුණු කළුතර පොලිස් ස්ථානයේ රඳවාගෙන ප‍්‍රශ්න කෙරෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක රැදවුම් නියෝග ලබාගැනීමටද නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය සිසුවියගේ දුරකථනය සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඇය මියගිය පසු ප‍්‍රධාන සැකකරු, මිතුරිය සහ මිතුරියගේ් පෙම්වතා යළි කැඳවා ඇති අතර, එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.

සිද්ධියෙන් මියගිය 16 හැවිරිදි සිසුවියගේ අවසන් කටයුතු අද පස්වරුවේ කළුතර – ඇටවිල ප‍්‍රදේශයේදී සිදුකෙරුණා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000