English English සිංහල සිංහල தமிழ் தமிழ்

ස්ථානාධිපති වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 11ක් අවලංගු කෙරේ.

Facebook
Twitter
LinkedIn

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත‍්‍රි තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය ගමන් වාර 11 ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ සහ ත‍්‍රිකුණාමලය, මඩකලපුව අතර ධාවනය වන රාත‍්‍රි තැපැල් දුම්රිය මෙන්ම මඩකලපුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ‍්‍රගාමි දුම්රියද අද අවලංගු කෙරෙනු ඇති.

කෙසේ වෙතත් අනුරාධපුර බලා ධාවනය වන තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පුත්තලම බලා ධාවනය වන කාර්යාල දුම්රියද අවලංගු වන බවයි.

ඒ අනුව අද දිනයේ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22 ක් අවලංගු වී තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේ යහපත් ධාවන තත්ත්වයක් දක්නට ලැබුණු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

කාර්යාල දුම්රිය ධාවනය සඳහා ප‍්‍රමුඛතාව ලබාදී ඇති අතර ඒ වෙනුවෙන් තැපැල් දුම්රිය කිහිපයක් අවලංගු කළ බව එහි අතිරේක සාමාන්‍යාධිකාරි මෙහෙයුම් වී.එස්. පොල්වත්තගේ සඳහන් කළා.

මේ අතර, මඩකලපුවෙන් පිටත්වූ දුම්රිය මගීන්ගෙන් කුරුණෑගල දුම්රිය ස්ථානයේදී ප‍්‍රවේශපත් නොමැතිව ගමන්කිරීම නිසා දඩ අයකරගැනීමක් සිදුව ඇති බවට පළවන ප‍්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවද ඔහු කියා සිටියා.

අද දිනයේදී කාර්යාල දුම්රිය 05 ක් පමණක් ධාවනය නොවුණු අතර කාර්යාල දුම්රිය ගමන්වාර 55 ක් පමණක් ධාවනය වී තිබුණා.

මේ අතර, අද මාධ්‍යම රාත‍්‍රියෙන් පසු සිය සංකේත වැඩවර්ජනය අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000