English English සිංහල සිංහල தமிழ் தமிழ்

කළුතර සිසුවියගේ මරණය ගැන උපකාරක පන්ති ඇදුරෙකුගෙන් ප්‍රශ්න කෙරේ.

Facebook
Twitter
LinkedIn

කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියකගේ මරණය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇති බව ප‍්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ දැරියගේ මරණයට අදාළ නඩුව අද කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්ධු නැමැත්තා එහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නීතා හේමමාලි නියෝග කළේ ඔහුව පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමටයි.

මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා සියලූ කරුණු පොලීසිය හමුවේ ප‍්‍රකාශ කර ඇති බවයි. එමෙන්ම මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත් එය සියදිවි නසාගැනීමක් බැවින් සිය සේවාදායකයාට රැඳවුම් නියෝග ලබාගන්නේ ඇයිද යන්නත් සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා අධිකරණයේදී ප‍්‍රශ්න කළා.

පොලිසිය එහිදී ප‍්‍රකාශ කළේ සැකකරු මියගොස් ඇති දැරිය සමඟ හෝටලය තුළ එකට මත්පැන් පානය කරමින් සිට ඇති බවයි. එමෙන්ම තවදුරටත් සැකකරු සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් කර නොමැති බැවින් ඔහු රඳවාගෙන ප‍්‍රශ්න කළ යුතු බව පොලිසිය සඳහන් කළ අතර ඒ අනුවයි අදාළ අවසරය හිමිවුණේ.

මේ අතර මියගිය දැරියගේ ජංගම දුරකථනය සොයා තවදුරටත් විමර්ශන සිදුකෙරෙනවා. පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ දැරියගේ ජංගම දුරකථනය හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව පවතින බවයි. දැරිය සමඟ හෝටලයට පැමිණි ඇගේ මිතුරියගේ පෙම්වතා විසින් ජංගම දුරකථනය කළු ගඟට විසිකර දැමූ බවට විමර්ශනවලදී අනාවරණ වී තිබුණා.

එමෙන්ම මියගිය දැරිය සමඟ හිතවත්කමක් පැවැත්වූ බව පැවසෙන කළුතර ප‍්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන්ද මේ වනවිට පොලිසිය ප‍්‍රකාශ ලබාගනිමින් සිටිනවා. ඒ දැරිය හෝටලේ රැඳී සිටින අවස්ථාවේදී ඇයගේ ජංගම දුරකථනයට ලද දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000