
පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා.
අද පස්වරුවේ දැඩි රැකවල් මධ්‍යයයේ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ ඉම්රාන් ඛාන්ගේ නීතිඥයින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
ඉස්ලාමාබාද් අධිකරණ පරිශ්‍රයේදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දැඩි ලෙස දොස් පවරා ඇති අතර පැයක් තුළ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එන ලෙස නියෝග කර තිබුණා.