English English සිංහල සිංහල தமிழ் தமிழ்

බන්ධනාගාර නියාමකවරයෙකුට පහරදී දණ ගස්වයි

Facebook
Twitter
LinkedIn

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයෙකුට සහ ඔහුගේ මවට පහරදුන් සිද්ධියකට අදාළව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරනවා.

බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ ඊයේ අලූයම හිස් ආවරණ සහිතව පැමිණි නාඳුනන පුද්ගලයන් 3 දෙනෙකු ඔහුගේ මිනුවන්ගොඩ නිවසේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි.

නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනි අවි එල්ල කර මරණ තර්ජන සිදුකර බන්ධනාගාර නියාමකවරයාට සහ මවට පහරදී සොහොයුරියගේ ජංගම දුරකථනය ද ඔවුන් පොළොවේ ගසා තිබුණා.

එසේම, බන්ධනාගාර නිලධාරියා දණ ගස්වා මාංචු දමා එහි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද ලබාගෙනයි සැකකරුවන් පලාගොස් ඇත්තේ.

පහරදෙන අවස්ථාවේදී බන්ධනාගාරය තුල හෙරොයින් නැවැත්වීමට උත්සාහ නොකර වෙන දෙයක් බලා රැකියාව සිදුකර ගන්නා ලෙසට ද ඔවුන් බන්ධනාගාර නියාමකවරයාට තර්ජනය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, ‘‘රටේ කුඩු නවත්වන්න බැරි එකේ බන්ධනාගාරය තුල හෙරොයින් නැවැත්වීමට උඹ මොන මිනිහෙක් දැයි’’ ඔවුන් තර්ජනාත්මකව ප‍්‍රකාශ කර ඇති බව ද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000