/
/
title icon කොළඹ ආරක්ෂක රැකවල් වැඩි වුණේ ඇයි ?
කොළඹ ආරක්ෂක රැකවල් වැඩි වුණේ ඇයි ?
Editor
11 months ago
Share:
කොළඹ ආරක්ෂක රැකවල් වැඩි වුණේ ඇයි ?

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල ඊයේ පස්වරුවේ සිට ආරක්ෂක රැකවල් තර කර ඇති අයුරු දැක ගත හැකිවුණා.

අප කළ විමසීමකදී ආරක්ෂාව භාර රජයේ ඉහළ ප‍්‍රධානියෙකු සඳහන් කළේ රජයට දැඩි බලපෑමක් ඇති කිරීමේ සූදානමක් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බවයි.

අද පෙරවරුව වනවිටත් කොළඹ මර්මස්ථාන ඇතුළු මාර්ග සහ ස්ථාන රැසක දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

මීට අමතරව, කොළඹ විශ්වවිද්‍යාල අවට සහ ඒ ආශ‍්‍රිත මාර්ග වල මෙන්ම, එම විශ්වවිද්‍යාලයට අයත් පීඨ ආශ‍්‍රිතව පොලීසිය කැරලි මර්දන ඒකක සහ යුද හමුදාව යොදා තිබූ බව සඳහන්.

මෙලෙස ආරක්ෂාව තර කිරීමට හේතුවී ඇත්තේ රජයට දැඩි බලපෑමක් එල්ල කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට රජයේ ඉහළම තැන් වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක්.

ආරක්ෂාව භාර රජයේ ඉහළම ප‍්‍රධානියෙකු සඳහන් කළේ එය කොළඹ විශ්ව විද්‍යාලය මුල් කරගනිමින් මෙය ක්‍රියාත්මක වන බවට බුද්ධි තොරතුරුවල සඳහන්ව ඇති බවයි.

ඒ හේතුවෙන් කොළඹ නගරයේ වැදගත් ස්ථාන රැසකට පොලිසියට අමතරව සහ ත්‍රිවිධ හමුදාව යොදවා ආරක්ෂාව තර කළ බව ද ඔහු සඳහන් කළා.

ආරක්ෂක පියවර ගැනීමත් සමග කොළඹ විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට තිබූ රජයට බලපෑම් කිරීමේ උත්සහය මේ වන විට අසාර්ථක වී ඇති බවද එම ප‍්‍රධානියා කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required