
ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලියට ගොස් පළා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත්දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියට පැමිණිලි කළ බව යුද හමුදාව පවසනවා.
එමෙන්ම ප්‍රංශ බලධාරීන් විසින්ද ජාත්‍යන්තර පොලිසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
24 වන ලෝක හමුදා තුන් ප්‍රයාම තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ හත්දෙනෙකුයි මෙලෙස තරගාවලිිය අතරතුර පළා ගොස් තිබුණේ.
මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ක්‍රීඩකයන් 13 දෙනෙකු පිටත්ව ගොස් තිබුණේ පසුගිය හතරවනදායි.
එම කණ්ඩායමට ත්‍රිවිධ හමුදාවේ පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්, කාන්තාවන් පස්දෙනෙක් සහ නිලධාරීන් තුන්දෙනෙකු ඇතුළත්ව සිටියා.