English English සිංහල සිංහල தமிழ் தமிழ்

දැරියක් පැහැර ගැනීමට ගිය අයෙකුට වැඩ වරදී

Facebook
Twitter
LinkedIn

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කයිවෙලි ප‍්‍රදේශයේදී දස හැවිරිදි පාසල් දැරියක් පැහැර ගැනීමට උත්සාහ කළ කණ්ඩායමක එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දැරිය සිය මව සමග උපකාරක පන්තියකට පැමිණ ඇති අවස්ථාවේදී පිරිසක් විසින් පැමිණ ඇයගේ මුහුණට යම් දියරයක් ඉස ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී දැරිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර එය දුටු ප‍්‍රදේශවාසීන් විසින් අදාළ පිරිසෙන් එක් සැකකරුවෙකු අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි මුලතිව් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. දැරිය පැහැර ගැනීමට උත්සාහ කළ අනෙක් පිරිස සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර, නෙලූව – දෙල්ලව ප‍්‍රදේශයේ සහෝදරයන් 4 දෙනෙකු සිය මව සමග ඇති වූ අමනාපයක් හේතුවෙන් නිවසින් පිටවී ප‍්‍රදේශයේ වෙනත් නිවසකට ගොස් සිටීමේ පුවතක් වාර්තා වනවා.

අදාළ දරුවන්ගේ මව විසින් ඔවුන් නිවසේ සිට නොමැති බවට 119 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී ඇති අතර ඒ අනුවයි, නෙලූව පොලීසිය විසින් දරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණේ.

එමෙන්ම, දරුවන් පිරිස අතර වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළා.

සිය මව සමග ඇති වූ අමනාපයක් හේතුවෙන් එම ප‍්‍රදේශයේම අසල නිවසකට ගොස් රැදී සිටියදී එම දරුවන් හතර දෙනා පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර නැවත ඔවුන් මව්පියන් වෙත භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000