English English සිංහල සිංහල தமிழ் தமிழ்

අදත් වැසි – ධීවරයින්ට අවවාද

Facebook
Twitter
LinkedIn

අද පස්වරුවේත් දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලටත් මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර, මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති මොඛා චණ්ඩ සුළි කුණාටුව ඊයේ රාත‍්‍රිය වනවිට උතුරු අක්ෂාංශ 17.9 ත් නැගනෙහිර දේශාංශ 91 ආසන්නයේ කේන්ද්‍රගතවී පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් වනවිට ගිණිකොණදිග බංග්ලාදේශයට සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ පහත් විස්සත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 100 ත් අතර මුහුදු ප‍්‍රදේශයට යළි දැනුම්දෙන තුරු යාත‍්‍රා නොකළ යුතු බව නාවික සහ ධීවර ප‍්‍රජාවට දැනුම් දෙනවා.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, මුලතිව්, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල්, හම්බන්තොට සහ මාතර හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000